ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2025.09.07 වන දින එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බ්ලුමැන්ඩල් ප්රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 31 හා 32 වයස්වල පසුවන කොළඹ 15 ප්රදේශයේ පදිංචිකරුවන් වේ. ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.