ග්රාම සේවා නිළධාරින් (10) සහ (11) යන දෙදින තුල අසනීප නිවුඩා වාර්ථා කරමින් කාර්යාලය වසා දමා වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
තමන් වෙත දෛනික රාජකාරිවලට අමතරව සිදු කරන අමතර රාජකාරි සදහා ගෙවනු ලබන රු.600ක දීමනාව ප්රමාණවත් නොවන බවත්, එය 2006 වසරේ අවසන්වරට සංශෝධණය වූ බවත්, එම දීමනාව වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙසේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයට එක් වූ බවයි වෘත්තීය සමිති ක්රියාමාර්ගයේ නියැලී සිටින ග්රාම සේවා නිළධාරියෙකු කියා සිටියේ.
