කුරුණැගල ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ඉකුත් වර්ෂය තුල (2024) රුපියල් දාහතරකෝටි, හැත්තැඑක්ලක්ෂ, හතලිස්දෙදහස්, හත්සියවිසිපහක (147,142,725) මුදලක් වැයකොට ව්‍යාපෘති 98ක් ක්‍රියාත්මක කොට තිබුණද කුරුණැගල දිස්ත්‍රික්කයේ ප්‍රා දේශිය ලේකම් කාර්යාල 10ක් තුල කිසිදු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරිමට හෝ ක්‍රියාත්මක කිරිමට පියවරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රා දේශිය ලේකම් කාර්යාල 30 තුළම ප්‍රතිපාදන සමානව වෙන්කර මාර්ග ඉදිකිරිමට සැලසුම්කළ යුතුව තිබුණි. එහෙත් ගිරිබාව,ගල්ගමුව,ඇහැටුවැව,මහව, අඹන්පොල, කොටවෙහෙර, ගනේවත්ත, මාවතගම, මාස්පොත හා කුලියාපිටිය (බටහිර) යන ප්‍රා දේශිය ලේකම් කාර්යාල 10 තුල කිසිදු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරිමට හෝ ක්‍රියාත්මක කිරිමට පියවරගෙන නොතිබුණි.
එමෙන්ම මෙම වැඩසටහන යටතේ ඉකුත් වර්ෂයේ දි (2024) ප්‍රතිපාදන වෙන්කර අනුමත වු රුපියල් එක්කෝටි, පනස්දෙලක්ෂ, පනස්දහසක් (15,250,000) වටිනා ව්‍යාපෘති 16ක් එම වර්ෂය තුල ක්‍රියාත්ම කිරිමට පියවර ගෙන නොතිබුණි. ගම හා නගරය යා කරණ මාර්ග පද්ධති සංවර්ධනය කිරිම සදහා මෙකි වැඩසටහන ආරම්භකොට තිබුණි.
කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද