කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් සිටින බවට කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 66 ක් වූ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කර ගැනීම සඳහා යොදා ගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.