මහනුවර පොල්ගොල්ලවේල්ල අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ජලයේ ගසාගෙන යමින් සිටියදී පොලිස් නිලධාරියෙකු මැදිහත්ව එම සිසුන් දෙදෙනා බේරා ගෙන ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.
එම සිසුන් දෙදෙනා ඊයේ (02දා) පොල්ගොල්ල වේල්ලට පහලින් දිය නාමින් සිටියදී එසේ එම ජල පහරට ගසා ගෙන යමින් සිටියදී පොලිස් නිළ සුනඛ අංශංයේ සැරයන් 15291 මාපා බණ්ඩාර මහතා වහාම ක්රියාත්මක වී සිසුන් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර තිබේ .
මෙසේ ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබුණේ වයස අවුරුදු හත, අට, වයස් සීමාවලපාසල් සිසුන් දෙදෙනෙකි .
ෂේන් සෙනෙවිරත්න