ගුවන් තොටුපොළ දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් යළ පැමිණෙති
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපොළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11දා) රාත්‍රී හා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර , ඔවුන් 4/11 දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එසේම අද අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
-
චමින්ද ප්‍රේමලාල් Saturday, 09 May 2020 09:19 PM
මම ඩුබායි සහජා free zone එකේ යින්නේ මගේ ව්සා 2020.03.16 වෙනිද cancel කර. මම උයාගේන කන්නේ මම යින්න room එකේ දෙන්නෙක්ටත් කොරොනා වයිරස් එක හෙදිල මම එත් එ කමරේ යින්නේ.අත්තටලම තනාපති කරයලවලටපවා අපේ ගෙටලු කිව්වා එයාලා කිසිම දේයක් හොයල බලන්නේ.ඩුබායි වල ගොඩක් අය අසරණ වෙලා ලන්කාවට එන්න බෙරුව.ඩුබායි වල ලන්කවෙ ගොඩක් අයට කොරොනා වයිරස් එක හෙදිලා මම කියන්නේ ජනාධිපති තුමාට අපිව ලන්කවට ගෙන්නගන්නකිලයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
