ගොවීන්ට දුන් සලාක මල්ලේ නරක් වු ආහාර
මැදිරිගිරියේ ගොවි සංවිධාන 12 ගොවීන්ට මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාල මැදිහත්වීම මත බෙදා දුන් සලාක මල්ලේ තිබි සෝයාමීට් කල් ඉකුත් වූ ඒවා බවත් අර්තාපල් ද කුණු වී ඇතැයි ගොවීහු පවසති.
රුපියල් 5000ක වටිනාකමින් යුතු එම සලාක මල්ලේ හාල් කිලෝ 30, අර්තාපල් කිලෝ 2, හාල්මැස්සන් ග්රෑම් 250, පරිප්පු කිලෝ 3, සීනි කිලෝ 2,තේ කොළ ග්රෑම් 200, පාම්පිටි කිලෝ 2, කඩල කිලෝ 2, සෝයාමීට් පැකට් 10, මිරිස් කුඩු ග්රෑම් 250 සහ තුනපහ කුඩු ග්රෑම් 250 අඩංගු විය.
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු සහ පසුගිය කාලයේ පැවති වියලි කාළගුණික තත්ත්වය හමුවේ වගා අහිමි වූ ගොවීන් අතර මෙම වියලි සලාක මළු ලබාදුන් බව මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් සී.එම් කරුණාරත්න මහත්මිය පැවැසුවාය. මීට පෙර අවස්ථා දෙකකදී මේ ආකාරයෙන් සලාක මළු ලබා දීමට කටයුතු කර තිබුණි.
මැදිරිගිරියයේ ගොවි සංවිධාන 12 සඳහා මැදිරිගිරිය සහ නව නගරය ප්රාදේශයේ ස්ථාන හතරක මෙම බඩුමළු ලබා දීම සිදු කරන ලදි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සමූපකාර පාරිභෝගික සංගමයේ වාණිජ කලමණාකරු ඇතුළු නිලධාරීහු පිරිසක් අද (18) මැදිරිගිරියට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මැදිරිගිරිය - චාපා කුරුවිට


popular news
-
Champa Friday, 18 January 2019 05:24 PM
කොළොඹ ඉඳන්ද දන්නේ නැහැ මලු ටික ආවේ? නැත්නම් කලින් බෙදල උතරු වෙච්චද? ෂික් සතෙකුටවත් දෙනවද නරක් වෙච්ච ආහාර. මේවා එවෙ කොහෙන්ද කියලා බලන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

