කෝටි 27 ක ට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන් කරමින් එම ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කළේය.
ගලෙන්බිදුනුවැව බැංකු නගරයේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 27 ක ට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන් කරමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද උදෑසන 11.00 ට පමණ එම මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරතවු අතර විරෝධතාකරුවන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් තුමා මුණගැසී ඔවුන්ගේ මෙම ගැටලුව වාචිකව ඉදිරිපත් කොට පසුව ඒ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙසට සංදේශයක් ද භාරදීමට කටයුතු කෙරිණි.
අනතුව විරෝධයේ යෙදි සිටි පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගලෙන්බිදුනුවැව කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත පැමිණිය නමුත් පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණෙන විටත් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව වසා දැඩි ආරක්ෂාවක් යොදවා විරෝධතාකරුවන්ට පොලිස් ස්ථානයට ඇතුලත් වීම අවහිර කිරිමට කටයුතු කර තිබු අයුරු දක්නට ලැබුණි.
අනතුරුව පැමිණ සිටි පිරිස අතරින් කිහිපදෙනෙක්ට ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන් හමුවීමට අවස්ථාවක් ලැබුණු අතර එහිදී ඔවුන් මේ ගැටලුවට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ස්ථානාධිපති තුමන් හට ලිපියක් ලබාදිමට කටයුතු කළේය.
මේ අතර විරෝධතාකරුවන් අතරින් අට දෙනෙකු මෙම ගැටලුව සම්බන්ධව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරිමට කටයුතු කල බව වාර්තාවේ.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණි සිටි පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් අනතුරුව විරෝධය අතහැර දැමුවේ වගකිවයුතු මෙන්ම බලධාරීන්ගෙන් අවධානයට ලක්වේයැයි යන බලාපොරොත්තුවක් ඇතිවයි.
