ගල් අඟුරු නැව් 6න් 2ක වෙනසක්
"2023 පිරිවිතරයන්ට ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි අපි ක්‍රියා කළේ. ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ. ගල් අගුරු වල ගුණාත්මක තත්වය පිළිබදව විශේෂ තත්වයක් මතුවුණොත් කළ යුතු දේ ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල තියෙනවා. අපි වැඩ කළේ ඒ අනුවයි" යැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
තවද ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙස තමා විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින බවද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
තව දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබු සමාගමක් එම සම්බන්ධතා භාවිතා කරමින් ගල් අගුරු සැපයීම සිදුකරමින් සිටි බවද මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගි වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වූ බවද සමහරු කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල් අගුරු මිලදී ගැනීමක් සදහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබාදී ඇති අතර එලෙස මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදුනොවන බවද දැනට නැව් තොග 6ක් වරායට පැමිණ ඇති අතර පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය මට්ටමට ඇති බවද ප්‍රකාශ කළේය.
එබැවින් වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙසද විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

