නොරොච්චොල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙනා නැවකට අදාළ ගෙවීම් කිරීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම ගල් අ ඟුරු තොගය ගොඩ බෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.
මෙම නැව පසුගිය සිකුරාදා දින සිට ශ්‍රි ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ. නැවට ගොවීමට අවශ්‍ය ඩොලර් සොයා ගන්නා තෙක් නැවට එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 30000ක මුදලක් ගෙවීමටද සිදුව තිබේ.
එසේම මෙවර මෝසම් වර්ෂාව නියමිත දිනයන්ට ප්‍රථම සක්‍රීය වෙනු ඇතැයි අණාවැකි පළ කර තිබේ. ඒ අනුව මෙම ගල් අඟුරු තොගය එළැඹෙන 15දාට ප්‍රථමව ගොඩ බෑමට කටයුතු කළ යුතු බවද වාර්තා වෙයි.