ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමට
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ. මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ.
දින 180ක ණය සහන කාලයක් යටතේ මෙම ගල් අඟුරු සැපයිම සිදුවෙයි. දේශීය සමාගමක් සමග එක්ව මෙම සමාගම ලක්විජය බලාගාරය වෙනුවෙන් ගල් අඟුරු සැපැයීම සිදුකිරීමට නියමිතය.
නීතිපතිගේ උපදෙස් අනුව ඉන්දුනීසියානු සමාගමට මෙම ගල් අගුරු ටෙන්ඩරය ලබා දී තිබේ.
popular news
-
Kumar Tuesday, 27 December 2022 04:08 PM
ton ekakata gewana mudala danna kenaek nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

