ශ්‍රී ලංකාවට ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමේ ගැටලුවක් නොමැති බවත් ඒ සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩර් සඳහා හොඳ සැපයුම්කරුවන් ඉදිරිපත්ව ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
කොළඹදි අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම එම ගල් අඟුරු ණයක් ලෙස ලබාගැනීමට හැකියාව ඇති බවත් ඒ අනුව ගල් අඟුරු සම්බන්ධයෙන් ඇතිව තිබූ ගැටලුකාරී තත්ත්වය අවසන් වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව සතුව මේ වන විට පවතින ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ලබන ඔක්තෝබර් මාසය දක්වා පමණක් බවද ඔහු පැවැසීය. ලබන වසර සඳහා අවශ්‍ය ගල් අගුරු ටොන් මිලියන 2.5 ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු පැවැසීය.