ගල් අඟුරු කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට ලිඛිත සාක්ෂි විගණනයට දීලා නෑ
ගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරිම සදහා ගල්අගුරු පරික්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.
පසුගිය කාලය තුල ගල් අගුරුමත පදනම් වු බලශක්ති ජනනයේ කාර්යක්ෂමතාවය සම්බන්දයෙන් ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි සහ තොරතුරු විගණනයට ලබා දි නොතිබුණි. ගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරිම සදහා පෙර ගල් අගුරු සැපයුම සහ 2024 වර්ෂයේ මැයි මස 31 දක්වා කාලය තුල ගල් අගුරු සැපයුම හා සසදනවිට ගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරිම සදහා ගල්අගුරු පරික්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.
ලක්විජය බලාගාරය සදහා අවශ්‍ය ගල් අගුරු පිරිවිතරයන් ලංසු ලේඛනයේ පැහැදිලිවම දක්වා ඇති බැව් ගල්අගුරු පුද්ගලික සමාගම විසින් විගණනයට සදහන්කොට ඇත. සපයන ලද ගල්අගුරු නිශ්දචිත ප්‍රමිතින්ගෙන් බැහැරවන අවස්ථාවන්හිදි ගුණාත්මකභාවය සහ ප්‍රමාණය මත පදනම්වු මිල ගැලපිම් යෙදෙන ප්‍රදාන පරාමිතින් හතක් ඇති බවද ගල් අගුරු සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
මෙම පරාමිතින් සහ එවායේ අදාළ ගැලපුම් සුත්‍ර ලංසු ලේඛනයේ විස්තර කර ඇති අතර එබැවින් ගල් අගුරු වෙනස් කලාපයකින් ලැබුණත් සපයනු ලැබු ගල් අගුරුවල ගුණාත්මකභාවය මත පදනම්ව මිල ගැලපුම් යාන්ත්‍රණයක් හරහා ගල් අගුරුවල ගුණාත්මකභාවයේ ඕනැම වෙනස්විමක් විසදනු ඇති බවද ගල් අගුරු පුද්ගලික සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

