ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය පිළිබද පුර්ණ විමර්ශනයක්
ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය පිළිබද පුර්ණ විමර්ශනයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ වනවිට සිදුකරගෙන යන බවත් එමෙන්ම මිට ඉහතදි ගල් අගුරු ආනයන ක්‍රියාවලියේ දි යම් සමාගම්වලට හිතාමතාම වංචනික ලෙස වාසිදායක වන අයුරින් කටයුතු කොට තිබේනම් ඒ පිළිබද සොයාබැලිමේ වගකිමත් රජය සතුව ඇති බැව් ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සහ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා පවසයි.
ගාල්ලේ දි අද (16) මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
ගල් අගුරු ආනයනය ක්‍රියාවලියේ දි ගල් අගුරු තත්ත්වයෙන් බාල කියලා දැනුවත්ව ආනයනය කරලා නැහැ. නමුත් ආනයනය කරණු ලැබු ගල් අගුරුවල තත්ත්වයේ යම් අඩුවක් තියෙනවා. ලක්විජය බලාගාරයේ දහන ක්‍රියාවලිය මත ඒ බව නිරික්ෂණය වෙලා තියෙනවා. ඒ මත සිදුවන යම් පාඩුවක් තියෙනවානම් අදාල ආයතවලින් අයකරගත යුතුයි කියන කාරණා පිළිබදවත් මිට ඉහතදි කරණු ලැබු ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය තුල මෙවනි අවධානයක් යොමුනොවි එම සමාගම්වලට වාසිදායක වනඅයුරින් කටයුතු සිදුවු ආකාරය පිළිබද කොප් කමිටුවේ දි සාකච්ඡාවුනා.
ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය පිළිබද පුර්ණ විමර්ශනයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකිරිමටත් මිට ඉහතදි ගල් අගුරුආනයන ක්‍රියාවලියේ දි සිදුවු දුර්වලතා සකස්කළයුතුව වාගේම එම ක්‍රියාවලියේ දි යම් යම් සමාගම්වලට හිතාමතා වංචනික ලෙස වාසිදායක වන අයුරින් කටයුතු කරලා තිබෙනවානම් ඒ පිළිබද සොයාබැලිමේ වගකිමත් රජයට තියෙනවා.
රජය සහ කෝප් කමිටුව විදියට අපි විගණකාධිපතිතුමියගෙන් ඉල්ලිමක් කළා ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය පිළිබද පරික්ෂණ වාර්තවක් දෙන්න කියලා ජාතික විගණන කාර්යාලය මගින් ඉතා ස්වාධිනව පරික්ෂණ වාර්තාවක් සපයලා තියෙනවා.අපි ඒ වාර්තාව පදනම්කරගෙන ගල් අගුරු ආනයන ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාවලිය පිළිබද කෝප් කමිටුවේ දි ප්‍රශ්න කළා. ඒ සදහා ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුද සම්බන්ද වුනා.මේ සියලුදේනා සක්‍රිය ලෙස මේ සදහා දායකවුනා.
ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය හරිපිළිවෙළකට ගෙන්න අදාළ අමාත්‍යවරයා උපරිමව කටයුතු කරලා තියෙනවා. නමුත් විපක්ෂ කණ්ඩායම් විසින් ඇමතිවරයා නිර්දය ලෙස විවේචනය කිරිමට උත්සාහ කරණවා ඇමතිවරයා මැදිහත්වෙලා ගල් අගුරු ආනයනය ක්‍රියාවලිය වෙනස් කරලා තියෙනවා.ඒ නිසා රටට දැවැන්ත පාඩුවක් වංචාවක් සිදුකරලා තියෙනවා කියන අදහසක් දෙන්න උත්සාහ කරණවා" යැයි ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
