බණ්ඩාරවල පූනාගල මාපිටිය ගල්වලේ ගල්බෝරයක් පුපුරා ගල් වලේ සේවය කරමින් සිටි දෙදෙනෙකු අද 14 දහවල් ගල්කුළු වලට යටවී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද ඒ අසල නවතා තිබූ වාහන තුනක් කඩා වැටී තිබූ ගල්වලට යට වී දැඩි හානි වී ඇතැයිද ලියන්ගහවෙල පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල පදිංචිව සිටි 44 පුද්ගලයෙකු සහ මාපිටිය 48 වියැති පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔවුන් මෙම ගල් වලේ සේවය කරන කම්කරුවන් දෙදෙනකු බවද පොලිසිය පැවසීය.
මේ පිළිබඳව මහේස්ත්රාත් මරණ පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද ලියන්ගහවෙල පොලිසිය පැවසීය.
මෙම ගල්වල පාරිසරික නිර්දේශයන්ට පටහැනි ලෙස නියාමනයකින් තොරව පවත්වාගෙන යන බවට ගම්වාසීන් මීට පෙර චෝදනා කර අදාල අංශ දැනුම්වත් කර තිබූ බවත් ඒ පිළිබඳව ඇමති සමන්ත විද්යරත්න මහතාවද දැනුම්වත් කළ බවත් ප්රදේශවාසීහු පැවසූහ.

