ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් හා නීතීඥවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්රාත් නියෝග කළේය.
නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.