ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාලු ඉඩමක් තුල පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ඊයේ දින දහවල් කාලයේ ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 23 ක් වූ මහින්දාරාම පාර, රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි
ඉහත මරණකරු 2025.04.30 වන දින රාත්රී නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මරණකරුගේ සහෝදරයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරික්ෂණය සිදු කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
