ගලේවෙල තක්කලි ගොවීන් අස්වනු නෙලීමෙන් ඉවත්විමට යයි
ගලේවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ තක්කාලි සඳහා නියමිත මිලක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී අස්වනු නෙලීමෙන් ඉවත් වන බව තක්කාලි ගොවීහු පවසති.
ගලේවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පට්ටිවෙල කට්ටන්කොටුව ගම්මානයේ අකකර 100 ආසන්න බිම් ප්‍රමාණයක මෙවර තක්කාලි වගා කර ඇත.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලොවක් අලෙවි වන්නේ රු 10 ත් 20 අතර ප්‍රමාණයකට විම හේතුවෙන් ගොවිහු සිය අස්වනු විකූණාගත නොහැකිව දැඩි ලෙස අසරණවී සිටිති.
සාමාන්‍යයෙන් තක්කාලි කිලොවක් නිෂ්පාදනය කිරිමට රු. 40 මුදලක් වැය වන බවත් තත්කාලි වගාව අශිත දෛනික කුලි කම්කරු වන්ගේ වැටුප් තෙල් හා පොහොර ඇතුළු භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම නිසා පවතින මිලට තක්කාලි කිසිසේත්ම අලෙවි කල නොහැකි බව ගොවිහු පවසති.

popular news
-
ravi Sunday, 02 September 2018 12:38 PM
ඇයි මේ තක්කාලි අඹරල ටින්වල හසුරලා බාවිතයට ගන්න හෝ තබාගන්න උත්සහ නොකරන්නේ ? ලෝකයේ හුඟක් රටවල්වල ටින්..වල හසුරපු තක්කාලි වෙළඳපොලේ විකිණීමට තියෙන්නේ ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

