ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවවර්ථා වන අතර විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බැවින්, ඔහුව නිදොස් කොට නිදහස් කරන බව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කලබව වාර්ථා වෙයි. (I J)