රුපියල් කෝටි 68 ක පමණ මුදලක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති ගම්පහ සණස නගර බැංකුවෙහි පාලනය , පාලක මණ්ඩලයෙන් ඉවත්ව සාමාජිකත්වය යටතට පත්ව ඇත.
මූල්‍ය අර්බුදයකට ලක්වීම හේතුවෙන් සණස නගර බැංකුවෙහි තැන්පත්කරුවන් පත්වූ අපහසුතාවයට විසදුමක් ලබා ගැනීමට නොහැකිවීම මත පවතින තත්ත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මහජන සබදතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොළුව මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස්, ගම්පහ දිස්ත්‍රික් සමූපකාර සහකාර කොමසාරිස් ඇතුලු සමූපකාර දෙපාර්තමේන්තු නිලධාරීන් සහ තැන්පත්කරුවන්ගේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව සණස නගර බැංකුවෙහි පාලනය සාමාජිකත්වයට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කළ දැනුම්දීම මත ඡන්දය විමසීමකින් අනතුරුව මෙම වෙනස්වීම සිදුවූ බව තැන්පත්කරුවන්ගේ සංගමයෙහි සභාපති අජිත් පෙරේරා මහතා පැවසීය.
සමූපකාර දෙපාර්තමේන්තුවෙහි පාලක මණ්ඩලයක් යටතේ අවුරුදු 3 මාස 6 කාලයක් පැවති ගම්පහ සණස නගර බැංකුවෙහි පාලනය , සාමාජිකයින්ගේ වැඩි ඡන්දයෙන් එහි සාමාජිකත්වය යටතට පත් කිරීමට අනුව කේ.කේ.මංචනායක මහතාගේ සභාපතිත්වය මත හත් දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් පත්ව ඇත.
මූල්‍ය අර්බුදයකට පත්වීම හේතුවෙන් සණස නගර බැංකුවෙහි පාලනය 2020.06.01 වෙනි දින සිට පාලක මණ්ඩලයක් යටතට පත්ව තිබිණි.
සණස නගර බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත්ව සිටින කේ.කේ.මංචනායක මහතා පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , දැඩි අපහසුතාවයකට පත්ව සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ලබාදීම පිනිස සණස දිස්ත්‍රික් සංගමය සහ ගම්පහ සංවර්ධන සමාගම සමග එක්ව සැලසුමක් සකස්කොට පවතින තත්ත්වය සොයා බලමින් අවශ්‍ය පියවර ගන්නා බවය.
තිලකරත්න දිසානායක