ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බිංදුවට බස්සයි
ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට පත් කිරීමට හැකිව ඇති බවත් මෙය නගර සභාවට විශාල සහනයක්ව ඇති බවත් නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කරන්නීය.
නගර සභාවේ හිටපු පුරපති එරංග සේනානායක මහතා විසින් පැවති මන්ත්රී මණ්ඩලයේ අනුමැතිය මත 2022 වසරේදී නගර සභාවෙහි ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවිකිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලි බිලෙන් මේ වනවිට මෙලෙස නිදහස්වීමට හැකියාව ලැබී ඇති බව කොමසාරිස්වරිය පැවසුවාය.
විදුලි බිල වැඩිවීමට පෙරදී මාසික විදුලි බිල ලෙස නගරසභාවට රුපියල් ලක්ෂ හයක් පමණ ගෙවීමට සිදුව ඇති අතර සූර්ය පැනල නොවූයේ නම් එය මේ වනවිට තෙගුණයක් වීමට ඉඩ තිබිණි.
නගර සභාවට විදුලි බිලෙන් මෙලෙස නිදහස්වීමට හැකිවීම පිළිබඳව ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතාට සැලවීම මත නාගරික කොමසාරිස්වරිය අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර දිසාපතිවරයා සදහන් කර සිටියේ , ගම්පහ මහ නගර සභාවේ මෙම කටයුත්ත ඉතා අගය කළ යුත්තක් බවත් මෙය ආදර්ශයට ගෙන සෙසු ආයතනද සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ගැනීමට යොමුවීම වැදගත් බවත් ඉදිරියේදී දිස්ත්රික් ලේකම් කාර්යාලයද මීට යොමුවීමට පියවර ගන්නා බවත්ය.

popular news
-
LGPJ Monday, 23 October 2023 12:53 AM
Solar Power System excellent source for the electricity.
Reply : 0 0
LGPJ Tuesday, 24 October 2023 01:18 AM
Solar Power, Sea Tides, Wind
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

