ගම්පහ පොදු වෙළඳ පොළේ ආසාදිතයින් 75ක් දක්වා ඉහළට
ගම්පහ පොදු වෙළඳ පොළෙහි අද (10) සවස වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.
පසුගිය 6 වැනිදා සිට පොදු වෙළඳ පොළ ආශ්රිත වෙළඳුන් හට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව මෙම පිරිස හදුනා ගැනීමට හැකි වූ බව පතිරගේ මහතා සදහන් කළේය.
අද දිනයේදී පොදු වෙළඳ පොළ ආශ්රිත වෙළඳසල් සහ ආයතනවල සේවය කරන්නන් දහසක් නගරයේ ස්ථාන පහකදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට සැලසුම් කොට ඇති බව පැවසු සෞඛ්‍ය පරීක්ෂකවරයා , පරීක්ෂාවට භාජනය කෙරෙන ස්ථාන සහ පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවද කීය.
මේ අතර දැනට ආසාදිතයින් බවට හදුනාගෙන ඇති පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම පිණිස ඔවුන් හදුනාගැනීමට පදිංචි ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
