ගම්පහ නිවාස සංකීර්ණයක් අසල සංගීතයක් පැවැත්වූ නැවියන් දෙදෙනෙකුටත් කොරෝනා
ගම්පහ ශ්‍රී බෝධි පාර නිවාස සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු විමසීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (25) සවස පියවර ගනු ලැබීය.
ඉකුත් 22 වෙනි දින වැලිසර නාවික කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායම් නැවියන් විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශන පවත්වා ඇති අවස්ථාවේ එම නැවියන් කිහිප දෙනෙකු නිවාස සංකීර්ණය අසල ගැවසීම මත එම අය සමග ළගින් ඇසුරු කළ අය සිටීදැයි දැනගැනීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණ මෙලෙස තොරතුරු ලබා ගැනීම සිදු කළ අතර කවුරුන් හෝ සිටීනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස එහි පදිංචි කරුවන්හට දැනුම්දීම සිදු කළහ.
නැවියන් ළගින් ඇසුරු කළ අය ඉදිරිපත් වුවහොත් ස්වයං නිරෝධායනය සදහා යොමු කළ හැකි බවද මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔවුහු දැනුවත් කළහ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි නිලධාරීන් විසින් ඊයේ සවස නිවාස සංකීර්ණය අසල ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ අසල පිහිටි වෙළඳසලකටද තූර්ය වාදක කණ්ඩායමේ නැවියන් පැමිණ ඇති බවත් අනාවරණය විය.
නිවාස සංකීර්ණයෙහි පදිංචි පවුල් සංඛ්‍යාව 21 කි.
ගම්පහ - තිලකරත්න දිසානායක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

