ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගණන 8600 ඉක්මවයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු හමුවීමත් සමග ඉකුත් ඔක්තෝම්බර් 4 වෙනි දින සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 8600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
ඊයේ උදෑසන වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් ගිරිදර ලිහිණියා ඇක්වා ඇගළුම් කම්හලෙන් තවත් ආසාදිතයින් 35 දෙනෙකු හමුවීමත් සමග එහි ආසාදිතයින් සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
ගතවූ පැය 24 ක කාලය තුල වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද ආසාදිතයින් 29 දෙනෙකු හමුව ඇති බව සදහන් කළ අධ්යක්ෂවරයා එම කාලය තුල කටුනායක සහ බියගම නිදහස් වෙළඳ කලාපවලින් ආසාදිතයින් 6 දෙනා බැගින්ද වෙනත් කර්මාන්ත ශාලාවලින් ආසාදිතයින් 44 දෙනෙකු හමුව ඇති බවද කීය.
ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 16 සහ රෝහල් මගින් පුද්ගලයින් 135,662 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
