ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බිත්තර පරිභෝජන අවශ්‍යතාවය සඳහා කිකිලි පැටවුන් ලක්ෂයක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
සීමාසහිත ලංකා සත්ව නිෂ්පාදන හා සත්ව ගොවි පාලන සමූපකාර සමිතිය හරහා මෙලෙස කිකිලි පැටවුන් 2300ක් ලබාදෙනු ලැබීය.
ප්‍රදේශිය ලේකම්වරුන්ගේ නිර්දේශය මත කිකිලි පැටවුන් ලක්ෂයක් ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා බෙදා දීමට නියමිතය.
මෙම වැඩසටහනට සහභාගී වෙමින් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම රට තුළ තිබෙන බිත්තර හිගයට ගත් තාවකාලික පියවරක් බවත් ජනතාවට කිකිලි පැටවුන් බෙදා දී ඒ සදහා තිරසාර විසඳුමක් ඉදිරියේදී ගන්නා බවයි.
එසේම ඉහළ යන කුකුල් මස් මිල පාලනය කිරීම සදහාද අදාළ අංශ සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියහ.මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.ඩි.පොඩිකොරල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.