ආගමන විගමනදෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින්රුපියල් හය 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම තරුණ තරුණියන් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ .
එක් දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සීමා සහිත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් දෛනිකව මහනුවර කාර්යාලය මගින් නිකුත් කෙරෙන අතර එම ඉල්ලූම් පත්‍ර කිහිපයක් සැකකරුවන් විසින් කාර්යාලය තුළින් ලබා ගෙන ඒවා මුදලට අලෙවි කර තිබෙන බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.
එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමදීම සඳහා රුපියල් 40,000ත් 50,000 මතර මුදලක්ද සාමාන්‍ය ක්‍රමය යටතේ විදෙස් ගමන බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් 6000 කමුදලක් ද සැකකරුවන් ලබාගෙන තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේසිට පැමිණි තරුණියකගෙන් අත්තිකාරමක් ලෙස රුපියල් 25,000 ක මුදලක් ලබා ගනිද්දී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ සිටි තරුණයන් පිරිසක් විසින් සැකකරුවන් තිදෙනෙකු අල්ලා ගෙන තිබේ .
ඒ අල්ලා ගත් තිදෙනා අතර ආගමන විගමන කාර්යාලයේ කලක් සේවය කළ බව කියන පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථ රියදුරකු සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටින බවපොලිසිය කියයි .
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියගෙන් ලබාගත් රුපියල් 25,000 ක මුදල සැකකරුවන් අල්ලා ගන්නාලද තරුණයන් විසින් නැවතත් එම තරුණියටලබාදී තිබේ . ඉන් අනතුරුව සැකකරුවන්ට කිසිදු ආකාරයක නීතිමය පියවරක් නොගෙන සැකකරුවන් එම ස්ථානයෙන් මුදවා හැරීමට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර ඊට එම ස්ථානයේ සිටි තරුණයන් දැඩි විරෝධයක් දැක්වීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ෂේන් සෙනෙවිරත්න