ගැමුණු ගත්ත කඩුව මර්වින් සිල්වා ගන්නවා
බලය සදහා සුළු ජාතින් නොරවටන ලෙස පවතින රජයට හා රාජක්ෂවරුන්ට පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මර්වින් සිල්වා මහතා පවසයි.
ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක මාධ්‍ය සඳහා අදහස් දක්වමින් මර්වින් සිල්වා මහතා ඊයේ (10දා) පස්වරුවේදී මේ බව පැවැසිය.
“සිල්වත් කමක් නැති වුවත් පොඩි පොඩි ගුණ ධර්ම ටිකක් ඇති අය මහා සංඝයා වහන්සේලාට නීති රීති කොහොමද දමන්නෙ. රජ සමයේදිවත් ශාසනයට අත ගහන්න ආවෙ නෑ. සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතගෙන එන මේ මහා සංඝරත්නයට නීති රීති දමන තත්ත්වයට නොවැටි එය මහා සංඝරත්නයට හා මහා නායක හිමිවරුන්ට භාර දිය යුතුයි.
කවුරුන් හෝ මහා සංඝරත්නයට අත තියන්නට ආවොත් විශාල විපතකට ඒ අත තියන්න වෙනවා. දුටුගැමුණු මහා පරාක්‍රමබාහු නොකරපු දේවල් මහා රජවරු නොකරපු දේවල් මේ ඉන්න ගහලයන්ට කරන්නට දෙන්න බෑ. අනුරාධපුරයෙ පන්සල් 420 ක් වැහිල, උතුරු නැගෙනහිර පුරා වස්තු විනාශයි. කකුල් මාට්ටු දාල ඉස්සර කරගෙන යන්නට ගියොත් එදාට ගැමුණු ගත්ත කඩුව මර්වින් සිල්වා ගන්නවා.”
චමිල් රූපසිංහ

popular news
-
rocky Saturday, 11 August 2018 02:55 PM
පරාක්‍රමබාහු රජතුමා දිඹුලාගල කාශ්‍යප තෙරුන්වහන්සේගේ ප්රමුඛත්වයෙන්ශ්රී ලංකා වාසී සියලු භික්ෂූන් වහන්සේලා එක්රැස් කොට සියලුම නිකායයන් එකක් බවට පත් කරවා, කතිකාවතක් කල බව මේ මිනිහා දන්නේ නැත් නම් ඔහු නොදන්නා දේවල් ගැන බහුබූත දොඩවන අඥාන අපතයෙකු නැත් නම් සුපිරි ගනයේ පිස්සකු ලෙස සලකා බැහැර කල යුතුය. මොලය ඇතුලේ තවමත් කුරුවලු නොවූ ඇබිත්තක් වත් තිබෙනවා නම් .. මර්වින් සිල්වා උන්නැහේ මහාවංසය, නිකාය සංග්‍රහය, සාසන වංසය එහෙම නිකමටවත් පෙරලලා බලනවානම් හොඳයි! එහෙම බැරිනම් අර " .. තේන තාන් විධුෂාන් මධ්‍යේ පන්කේ ගවුරිව සීදසි" කියන ස්ලෝකය ඉගන ගත්තත් කමක් නැහැ!
Reply : 0 142
HARI Monday, 13 August 2018 01:13 PM
මෙය මිනිහා බන කියනන් යන්නේ කාටද මෙර්වින්ට බුලත් විටක් දීලා පැනල දාන්න සුවමින් වහ්සේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

