ගිනි අවි පෙන්වා අම්බලන්තොට තරුණියක් පැහරගෙන යයි
අම්බලන්තොට, වලෙවත්ත, කොට බෝගහ අසල පදිංචිව සිටි තරුණියක අද (02දා) අලුයම ඇයගේ නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ එම්.පී. නිපුනි වත්සානි නමැති වයස අවුරුදු 17ක තරුණියකි.
ඇයගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ පැහැරගෙන ගිය තරුණියගේ පියා වන වසන්ත මුතුමාල මහතා
'' අලුයම 2.30 පමණ වෙඩි සාදයක් ඇහුනා. මම කාඹරයේ ඉඳලා සාලෙට එනකොට ගේ ඇතුළේ කට්ටියක් තුවක්කුවකුත් අතේ තියාගෙන හිටියා. මම සාලෙට ගිහාම මගේ ඔළුවට පිස්තොලේ තියාල, මට දන ගහන්න කියල, මාව පුටුවකින් වැඩි කෙරෙවුවා. පස්සේ මගේ ලොකු දූගේ බෙල්ලට පිහියක් තියාලා එයාට තර්ජනය කරලා පොඩිදූව බලෙන් ඒ අය පැහැරගෙන ගියා ''
මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද අම්බලන්තොට පොලීසිය කියා සිටියේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට



popular news
-
rocky Tuesday, 02 October 2018 12:58 PM
අනුමානයක් නැහැ, ප්රාදේශීය සභා කාරයෙක් කොහෙන් හරි සම්බන්ධ ඇති. උන් එකෙක් හරි නැතුව මේ වගේ ජඩ කර්මාන්ත කොරන්න බැහැ.
Reply : 0 34
Champa Tuesday, 02 October 2018 02:55 PM
මේ මොකක්ද මේ? හනේ මේ විදියට තරුණ ගෑනු ළමයි පැහැරගෙන යනව? හරිම භයානකයි. චිකාගෝවේවත් වෙන්නැති දේවල් නේ මේ වෙන්නේ. පොලිසියේ අපරාධ මැඬලීම හරි ඉහලයිලු ඒ වුනාට. පාරක් තොටක යන්න බැරි තරමට ජිවිතේ අවිනිශ්චිතයි දැන්. කොයි වෙලාවේ වෙඩි පාරක් වදියිද දන්නේ නැහැ. හැම තැනම මිනිස්සු මරනවා. දැන්මේක නම් ඉතාම භයානක ලකුණක්. 6 දෙනෙක් ඇවිල්ලත් තාම කවුද කියලා දන්නේ නෑලු? පොලිසිය අපරාධකරයන්ව අල්ලන්න යනවා නම් වෙඩි නොවදින ඇඳුම් ඇඳන් යන්න වෙයි. මම හිතන්නේ තාවකාලිකව හරි හමුදාවේ සහය ගන්න වෙයි. මාස 3 කට වගේ වත්. නැත්නම් කොහොමද? දැන් තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ට බයේ ජීවත් වෙන්න වෙන්නේ. කොටි ගහන කාලේ වත් දකුණේ මිනිස්සුන්ට මේ තරම් බයෙන් ඉන්න වුනේ නැහැනේ. මේක උඩු දුවන්න දෙන්න එපා. ඊළඟට මේ විදිහට contract අරන් කරන්නත් පටන් ගනියි. මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. හම්මෝ.
Reply : 0 0
Mettha Thursday, 04 October 2018 01:40 PM
පොලිස්පතිගේ හැකියාව මේ වගේ දේවල් වලින් හොදටම පේනවා. සුබානගතයක් ලංකාවට, හා යහපාලනයට.
Reply : 0 0
ayisha madu Friday, 05 October 2018 03:54 PM
oyalamayage plan ekak ne oya, ane mehemat ahanu lamai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

