ගතවූ කාලයේදී රිය අනතුරු මාරයට පොලීසියේ 28ක් බිලි
මේ වසරේ ගතවූ මාස හතරකට ආසන්න කාලයේදී පොලිස් නිලධාරීන් 72 රිය අනතුරුවලට ලක්ව ඇති බවත් එයින් නිලධාරීන් 18ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.
එසේම පසුගිය වසරේදී රාජකාරිය යෙදී සිටින විට පොලිස් නිලධාරින් 293 වාහන අනතුරු වලට ලක් ඇති බවත් ඉන් 28 දෙනෙක් මිය ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් විශාල පීඩනයකින් රාජකාරී කරන නමුත් පන්නිපිටියේදී සිදුවූ සිදුවීම අනුමත නොකරන බවත් ඔහු සඳහන් කළේය.
කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසුමක දී ඔහු මේ බව පැවැසීය.
එසේම පොල්තෙල් සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාරිභෝගික අධිකාරිය බවත් පොලීසියට දැනුම් දුන් විට අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පැවැසීය.
විෂකාරක පොල් තෙල් වෙළඳපොළට ගිය බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බවත් ශ්‍රී ලංකාවට ගෙන්වූ පොල්තෙල් ප්‍රමාණය හා ගුදම්වල ඇති පොල්තෙල් ප්‍රමාණය සමාන බවද ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

