ගෝඨා හා මහින්ද එන බව කී මාධ්‍ය හමුවට ඔවුහු නොඑති
කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාම එම මාධ්‍ය හමුවට එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
ඊයේ දහවල් මුලින්ම ඔවුන් දෙදෙනා එක්වන බවට සඳහන් කළත් පසුව නැවතත් විද්‍යුත් තැපෑලෙන් දැක්වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවට එක්නොවන බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන් ඉදිරියේදී සියලුම මාධ්‍ය සමග තනිවම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවයි.
මේ අතර ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකුම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී සඳහන් කළේ හැකිනම් සජිත් ප්‍රේමදාස මහතා සමග මාධ්‍ය හමුවකට ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්වන ලෙසයි.

popular news
-
Chamikara Friday, 18 October 2019 09:15 AM
මාර බයක්නෙ තියෙන්නෙ!!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

