ගෝඨාට එරෙහිව ලසන්තගේ දියණිය ගොනු කළ නඩුව ඉවතට
තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සඳහන් කරමින් ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය ගොනු කළ නඩුව ඇමෙරිකානු අධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.
කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.
මෙම කරුණු සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගෙන අදාළ නඩුව නිශ්ප්‍රභ කර තිබේ.

popular news
-
Deepal Nirosh Tuesday, 22 October 2019 12:08 PM
මේ නඩුව ගොනු කිරීමේ වැරැද්දක් තිබෙනවා. නඩුව විභාග කර අවසන් වන තුරු ගෝඨාභය අමෙරිකාවේ හෝ වෙනයම් රටක හෝ තනතුරකට ඉල්ලුම් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නො තිබීම බරපතල වැරැද්දක්.
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

