ගෝඨාගේ විරෝධතා ඉවතට - නඩුව විභාග කරයි
මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.
මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් අධිකරණය හමුවේ සඳහන් කළත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට තීරණය කළේය.
ඒ අනුව එළැඹෙන 22 දා විත්තිකරුවන්ට උත්තරවාද (චෝදනා සඳහා වරදකරුද? නිවැරදිකරුද යන වග) ඉදිරිපත් කරන ලෙසද අධිකරණය සඳහන් කළේය.

popular news
-
Nandana Monday, 11 February 2019 01:00 PM
අපි හැමෝටම වඩා නීතිය බලවත් ,
Reply : 0 0
Champa Monday, 11 February 2019 04:20 PM
පාතාල මිනීමරුවෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ, ආයුධ ජාවාරම්කාරයෝ, කාන්තාවන්ට දරුවන්ට අතවර කරන්නෝ සහ කෲර වද හිංසා කරන්නෝ වැහි වහල රට පුරාම. ඒ නඩු අහන්න අවුරුදු 20 - 30 ගන්නවා. මේ වගේ විශේෂ මහාධිකරණ වලින් අහන්න ඕනේ රටට ජනතාවට සමාජයට ඉතාම අහිතකර විදිහේ අපරාධ කරපු එවුන්ගේ නඩු. මේ නඩුව අහන එක වැරදියි කියලා මම කියන්නේ නැහැ. නමුත් දේශපාලන පලි ගැනීම් වලටම කියලා විශේෂ මහාධිකරණ හදපු ලෝකේ එකම රට ලංකාව. නඩු හය ලක්ෂ ගානක් ගොඩ ගැහිලා කියලා තලතා කියනව. එහෙනම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ඒ නඩු අහන්න මිසක් දේශපාලන නඩු අහන්න නෙමෙයි. මේක සාමාන්‍ය අධිකරණයක සාමාන්‍ය විදිහට අහන්න ඕනේ නඩුවක් මිසක් විශේෂ අධිකරණයක අහන්න ඕනේ නඩුවක් නෙමෙයි. විශේෂ මහාධිකරණ තියෙන්න ඕනේ රටේ සිද්ධ වෙන බරපතල අපරාධ පිලිබඳ නඩු ඉක්මනට අහල වරද කාරයන්ට දඬුවම් දෙන්න. දේශපාලන පලි ගැනීම් වලටම හදපු විශේෂ මහාධිකරණ තනිකරම ප්රජාතන්ත්ර විරෝධීයි. අධිකරණය දේශපාලනයට යටත් කරන එක වැරදියි. අර සිද්දික් කියන මහා පරිමාණ කුඩු රජාට ඇප දෙන්න නීතිපති දෙපාර්තුමේන්තුව විරුද්ධ වුනේ නැහැ. හැබැයි විමල් හිරේ ඉන්න කොට විමල්ට ඇප දෙනවට නීතිපතිම විරුද්ධ වුනා. ඔන්න වැඩ!!!!!
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

