නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යනුකූල බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
අද පොදුජන පෙරමුණේ පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“අද අපේ රටේ සියලූ දෙනා දෑස් දල්වගෙන සිටිනවා අධිකරණ තීන්දුව දෙස. එජාපයත් සජිත් පිලත් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතාට මැතිවරණයට ඉදරිපත් වෙන්න බැරි වෙන ආකාරයට අධිකරණයට ගිහින් තිබෙනවා. හැබැයි නීතිපති සහ සොලිසිටර් ජනරල්වරයාත් කියනවා නීත්‍යානුකූලව එම ලියකියවිලි තිබෙන බවට. අපිට මේ තත්ත්වය පෙරසිටම දැකගන්න පුළුවන් වුණා. එජාප විරුද්ධ වාදින් සියලූ දෙනාම පළිගැනීම් වලට ලක් කරමින් ඔවුන්ව මර්දනය කරන්න ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කළා. දිල්රුක්ෂි සහ සුහද ගම්ලත් ආණ්ඩුවේ මෙම පළිගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගටම හෙළිදරව් කළා. රජය තීන්දුවක් ගත යුතු වන්නේ අධිකරණයට බලපෑම් කළ ඇමතිවරුන් සම්බන්ධවයි. අපි අහනවා අධිකරණ පද්ධතියට, නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ ඇමතිවරුන්ට ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා.
අපේ ආණ්ඩු කාලයේත් නිලධාරින් ගස් බැඳපු ආචාර්යවරයෙක් හිටියා. අපි අහන්නේ සජිත්ගෙන් තමන්ගේ ප්‍රතිවාදියාව තරඟයෙන් ඉවත් කරන්න මෙවැනි කටයුත්තක් කිරීමට ලැජ්ජ නැද්ද කියලා පමණයි. අපි නැවතත් කියනවා මේ අධිකරණ පද්ධතිය ගැන අපිට හොඳ විශ්වාසයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තරඟ කිරීමේහැකියාව සම්බන්ධයෙන් ජනතාවට බියක් සැකයක් තිබෙනවා. මේ තීන්දුවත් එක්කම ඒ සියල්ල විසඳිලා ඔහටු තරඟ කිරීමේ හැකියාව සම්බන්ධ සැක සංකා සියල්ල දුරු වෙයි.
දිගින් දිගටම මේ රටේ අධිකරණ පද්ධතිය බලපෑමට ලක් කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. පාර්ලිමේන්තුව තුළ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරන ආකාරය අපි දුටුවා. කොහොම හරි තමන්ගේ බලය රඳා පවත්වා ගන්න මේ ආණ්ඩුව තමන්ට කරන්න්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යනුකූල බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකානු තානාපති නිලධාරින් ආරුමුගම් තොණ්ඩමන් මහතාව හමුවෙලා ජනාධිපතාවරණය පිළිබඳ සාකච්ජා කොට තිබෙනවා. කොහොමද එහෙම විදේශිය රටක් අපේ රටේ නායකත්වය පත්කිරීම ගැන තීරණය කරන්නේ. ඔවුන්ට එහෙම ඇඟිලි ගහන්න හැකියාව ලැබිලා තිබෙන්නේ මේ කොන්ද පණ නැති ආණ්ඩුවක් රට පාලනය කරන නිසයි.
අගමැතිවරයාගේ සහෝදරයාගේ නාලිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරීම සම්බන්ධයෙන් විකාශනය වූ පුවතකට අනුව අපට තවමත් පෙනෙන්නට තිබෙන්නේ එජාපය තුළ තිබෙන අර්බුදය විසඳී නැති බවයි. අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවට කියන්නේ සජිත් ඉදිරිපත් කරන යෝජනා සියල්ල මහා පොළොවේ යථාර්ථයක් කිරීමට නොහැකියි බවයි. ඇයි සජිත්ට කියන්න බැරි කවුද ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා කියලා. අපිට නම් අපේ වේදිකාවෙ කියන්න පුළුවන් අපේ අගමැති අපේක්ෂක මහින්ද කියලා. නමුත් සජිත් පේ‍්‍රමදාස මහත්තයාට කියන්න බැහැ කවුද අගමැති අපේක්ෂකයා කියලා.
ඒ වගේම ඔහුට කියන්න හැකියාවක් නැහැ මහබැංකු මංකොල්ල කාපු හොරුන්ට ගන්න තීරණය කුමක්ද කියලා. නමුත් ඔහු කියන්නේ මහ බැකු මංකොල්ලය තමන්ට අදාළ නැහැ කියලා. මේ බැඳුම්කර හොරු ටික සජිත්ගේ වේදිකාවට නැගලා ඉන්නෙත් ආරක්ෂා වෙන්නයි. මේ රටේ 300ක් ජනතාවගේ ජීවිත අහිමි කළ 500කට අධික පිරිසක් තුවාල සිදුකළ අන්තවාදි ත්‍රස්තවාදින්ට නායකත්වය දුන් සියලූ දෙනා අද ඉන්නේ සජිත් සමඟ එක වේදිකාවේ. කරුණාකරලා මේ රටේ ජනතාවගෙන් ආයාචනා කර ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයේ ඔබට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්නකියලයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි
