ගජ මුතු 05 රුපියල් කෝටි 7යි ලක්ෂ 20 කට


නිධානයක් හාරා ලබා ගත් මිල කළ නොහැකි අති දුර්ලභ වර්ගයේ ගජ මුතු 05 රුපියල් මිලියන 72 කට අලෙවි කිරීම ට සූදානම් වු පුද්ගලයන් 4 දෙනකු අත් අඩංගුවට ගත් බව ජාඇල පොලීසිය පවසයි.
ඉකුත් 29 දින ජාඇල පොලිස් විශේෂ කාර්යාංශයට ගජ මුතු තොගයක් විකිණීමට කන්ඩායම ක් සුදානම් වන බවට ලද තොරතුරක් මත ජාඇල කෝට්ටාශ බුද්ධි අංශයේ නිලධාරියකු උපාය දූතයකු ලෙස පෙනී සිටිමින් තුඩැල්ල රුක්මණී දේවී ස්මාරකය අසලදී ගජ මුතු රැගෙන පැමිණි පුද්ගලයන් 04 දෙනකු සමඟ ග්රෑම් 91 මිලි ග්රෑම් 690 ක් බර ගජ මුතු 05 අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගජමුතු වල හිමිකරු නිකවැරටිය ප්රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු ඒකල ප්රධාන පෙළේ කර්මාන්ත ශාලාව ක ගබඩා පාලකවරයකු ලෙස සේවය කරන්නකු වෙයි. අනිත් තිදෙනා ගජ මුතු අලවි කිරීම ට තැරැව්කරුවන් ලෙස මැදිහත් වුවන් වේ. අත් අඩංගුවට ගත් ගජමුතු හිමි කරුගෙන් කළ ප්රස්න කිරීමේදි මොහු පොලීසියට අනාවරණය කර ඇත්තේ දැදුරුඔයේ ගලක් මත සළකුණු කර තිබූ කිබුලකුගේ රුවක් ගැන ප්රදේශයේ කට්ටඩියකුට පැවසීමෙන් පසු ඔහු විසින් යාතිකා කර ගොඩ ගනු ලැබූ මුට්ටියක තිබී ගජ මුතු 05 මීට වසර කිහිපයක පෙර ලැබුණු බවයි. එම කාලය තුළ මෙම ගජ මුතු අලෙවි කිරීමට උත්සාහ කළද එය කළ නොහැකි වු බවත් ගජ මුතු නිවස තුළ තිබූ කාලයේ තමන් සෑම අතින්ම පරිහානියට පත් වූ බව ද ඔහු පොලිසියට ප්රකාශ කර ඇත. ගජ මුතු ලබා ගැනීමට සහය වු කට්ටඩියා කිසි දිනෙක මෙම ගජ මුතු අලෙවි කිරීම නොහැකි වන බවත් මෙම ගජමුතු ඇතුන්ගෙන් ලබා ගැනීමේදී වීශාල අපරාධයක් ඒ පිටුපස සිදුව ඇති නිසා සුවිශේෂ වස් කැපීම් සිදු කල යුතු බවටත් ගජ මුතු ලබා ගත් පුද්ගලයා ට පවසා තිබේ. පසුව වෙනත් කට්ටඩියකු ලවා වස් කැපීම් සිදු කර ගජ මුතු 05 අලෙවි කිරීම ට සූදානම් වු පසු මෙලෙස අත්අඩංගුවට පත් වූ බව ද ඔහු පොලිසියට ප්රකාශ කර ඇත. අත් අඩංගුවට ගත් සැකකරුවන් හා ගජ මුතු අද (30) දින වැලිසර මහෙස්ත්රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිත ව තිබූණි.
ප්රසංග පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
