රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
යුද හමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු බුද්ධී තොරතුරක් අනුව සැකකරුවන් මෙසේ අත්අංඩගුවට ගෙන ඇති අතර මාතලේ පල්ලේපොල මාදිපොල ප්රදේශයේදි සැකකරුවන් තිදෙනෙකු සමග ගජමුතු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් විසින් නිලධාරින් සමග සතියක් තිස්සේ මිල ගණනන් සාකාච්ඡා කරමින් සිට ඇති බවත් විකිණීම සදහා එකගතාවයට පැමිණ ගජමුතුද රැගෙන ආ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
පල්ලේපොලදි අත්අඩංගුවට ගත් පිරිස මැදිරිගිරිය සහ ගලේවෙල ප්රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.
එසේම යුධහමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව ගජමුතු අලෙවි කිරිම සදහා පැමිණී තවත් කණ්ඩායමක සැකකරුවන් පස්දෙනෙකු ගජමුතු සමග මාතලේ නගරයේ බර්නාඩ් අලුවිහාරේ ක්රිඩාංගණය අසළදි අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වැලිමඩ හා බන්ඩාරවෙල ප්රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.
මාදිපොලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹූල්ල මහේස්ත්රාත් අධීකරණය වෙත ද මාතලේ දි අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්රාත් අධීකරණය වෙතද ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ මහේෂ් කිර්තිරත්න
