ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විකිණීමට පැමිණි වෙළඳ ව්‍යාපාරිකයෙකු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
සැකකරු සන්තකයේ තිබී ගජමුතු අතර තිබූ එකමුතුවක් ග්‍රෑම් 325 ක් සහ ග්‍රෑම් 328 ක් පමණ බරකින් යුක්ත බවත් එය මෙරටින් මෙතෙක් හමුවූ වැඩිම බරකින් යුක්ත ගජමුතු බවට හැඳින්විය හැකි බවත් පොලිසිය කියයි.
ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් විකිණීම සඳහා සූදානම් කර ඇති බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජය ලාල් නිලධාරියා ආවේශන රාජකාරි සඳහා යොදවා ගජමුතු විකිණීමට සන්තකයේ තබාගත් තබා ගත් පුද්ගලයා උපක්‍රමශීලී ලෙස හඳුනා ගෙන ඉන්දියන් ජාතික ඉංජිනේරුවරයකු ලෙස හඟවමින් වැටලීම සිදුකළ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී 2019 වර්ෂයේ දී නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම ගජමුතු ලබාගෙන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ගජමුතු ලබා ගැනීම සඳහා මරා දමන ලද ඇතුන් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකිරීම සඳහා කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
බිමල් ශ්‍යාමන්/සුමිත් පොතුපිටිය
