ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමට ගිය බිබිල ප්රදේශයේ පදිංචි හිමිනමක් ඇතුළු පස් දෙනෙකු මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්රීඩාංගනය අසල දී රාත්රි 9:30 ට පමණය.
ගජමුතු මිලදී ගැනීම සඳහා පොලිස් උපාය දූතයන් යොදවා ඇති අතර එය අලෙවි කිරීමට ත්රිරෝද රථයකින් හිමිනම ඇතුළු පිරිස පැමිණ ගජමුතු අලෙවි කිරීමට සැරසෙද්දී අත්අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ සහ පිලියන්දල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි .