අද (15) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය , මිලිමීටර 193ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මිලිමීටර 175 අවිස්සාවේල්ල, පෙන්රිත් වතුයායෙන්, ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 162ක් සහ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 152 ක් ලෙස වර්ෂාපතනයද සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම වැසි තතත්වය මත අත්තනගලු ඔයේ සුළු ගංවතුර තත්වයක් ඇතිවී ඇති බව මේව නවිට වාර්ථාවෙයි. ඒ් ආශ්රිත අවතැන්වූවන්ට සහන සැලසීම කටයුතු මේ වනවිට සිදු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය