ගංජා ළඟ තබා ගෙන සිටි 25 හැවිරිදි හිමිනමක් සමග තවත් තරුණයින් දෙදෙනෙකු ඊයේ ( 18) සවස අඟුණකොළපැලැස්ස ප්රදේශයේ විහාරස්ථානයකදී අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හිමිනම ඉමදූව කකංකෙ ප්රදේශයේ විහාරස්ථානයක ස්ථිරවම වැඩ සිටින හිමි නමක් වන අතර මීට මසකට පමන පෙර අඟුණකොළපැලැස්ස ප්රදේශයේ විහාරස්ථානයක නතරව සිට ඇත.මේ අතර නැවත එම විහාරස්ථානයේදී මෙම හිමියන් ගංජා මිලිග්රෑම් 2150 ක් සමගද එම හිමි සමග සිටි තවත් තරුණයින් දෙදෙනෙකු ගංජා මිලිග්රෑම් 3450 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත
එම තරුණයින් දෙදෙනා මාවරල ගොම්බද්දල පදිංචි 25 හැවිරිදි අය වෙති. සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අහංගම සුමතිපාල දීයගහගේ