ඇඹිලිපිටිය ප්‍රදේශයේ පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත වෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මස්සිනා කෝටි 5ක් පමණ වටිනා වාහන තුනක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම ජාවාරමෙන් මිලදී ගත් බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් පරිහරණය කළ රුපියල් කෝටි 5ක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථ දෙකක් සහ කැබ් රථයක් තහනමට ලක්කර පොලිස් භාරයට ගනු ලැබීය
එම විමර්ශන සිදු කරනු ලැබ ඇත්තේ ඇඹිලිපිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
ඇඹිලිපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලට ගෙන මෙම ජාවාරම කාලයක සිට සිදු කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එකී ජාවාරම්කරුවන් විසින් ගෝලබාලයන් යොදවා දිනපතා ස්ථාන සහ වේලාවන් වෙනස් කරමින් මහාපරිමාණයෙන් කාලයක සිට ගංජා ජාවාරම පවත්වාගෙන ඇති බව විශ්වාසදායි තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි
මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ පොලිස් භාරයට ගෙන තහනමට ලක් කළ කෝටි 5 වාහන පිළිබඳ ඇඹිලිපිටිය මහාධිකරණය කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියයි.
බණ්ඩාරගම බිමල් ජයසිංහ
