ගංජා කිලෝ 50ක් සමග 02ක් මාට්ටූ
යාපනය තොණ්ඩමනාරු ප්රදේශයේදී රුපියල් මිලියන අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 51 ග්රෑම් 500 ක ප්රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තොණ්ඩමනාරු පාලම අසලදී සැකකටයුතු වෑන් රථයක් පරික්ෂාවට ලක් කිරීමේදී වෑන් රථය තුල ඉතා සූක්ෂමව සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇති අතර එහිදී වෑන් රථයේ රියදුරු සහ තවත් අයෙකු වෑන් රථයද සමගින් අත්අඩංගුවට ගැනීමට නාවික නිලධාරීන් පියවර ගන්නා ලදි.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්රදේශයන් රැගෙන යමින් සිටයදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 ක් සහ 44 යන වයස්හි පසුවන තොණ්ඩමනාරු ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සහ කේරල ගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අච්චුවේලි පොලීසියට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

