මෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් කොලඹ පදිංචි අයෙක් බවත් අනෙක් තැනැත්තා මීටියාගොඩ බව එම ඒකකය කියයි.
මේ ගංජා තොගය කොලඹ සිට රැගෙනවිත් තිබූ බවත් මීටියාගොඩ බෙදුම්කරුවකු හරහා ඒවා ගාලු දිසාවටම බෙදා හැරිම සදහා සූදානම් කොට මීටියාගොඩට ගෙනවිත් තිබියදී ලැබුනු තොරතුරකට අනුව එම ගංජා තොගය හා ඒවා රැගෙන ආ මෝටර් රථයද අත් අඩංගුවට ගත් බවද එම ඒකකය කියයි.
වැඩිදුර පරික්ෂණ සදහා ගංජා තොගය හා සැකකරුවන් දෙදෙනා මෙන්ම මෝටර් රථයද මීටියාගොඩ පොලීසියට භාරදී තිබේ.
ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පධාන පොලිස් පරීක්ශක සුජිත් පියන්ත මහතා ඇතුලු නිලධාරී කන්ඩායමක් මේ පිලිබදව පරික්ෂණ පවත්වති.
කරන්දෙනිය එම්.සුසිල් ප්රියන්ත
