මධ්‍යම පරිසර අධිකාරිය විසින් සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ,තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට ඉලෙක්ට්‍රික් කාර් රථයක් (electric cart) මිලදි ගැනිමට කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
අරමුණට පටහැනිව මෙකි කාර් රථය මිලදි ගැනිම සදහා තිරණය කොට මිලදි ගැනිම සදහා කටයුතු කළ නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද මධ්‍යම පරිසර අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ රුහුණු මහා දේවලාභුමියේ වායු දුෂණය අවම කිරිමේ ව්‍යාපෘතියක් සදහා කතරගම දේවාලයේ නිලමේතුමාගේ හා දිසාපතිතුමාගේ ඉල්ලිම පරිදි පරිසරහිතකාමි විදුලිබලයෙන් ක්රියාකරණ මෙම රථය ලබාදුන් බවය.
පුජා භුමිය තුල ගමන්කරණ මෝටර් රථ වලින් නිකුත් කරණු ලබන දුම මගින් සිදුකරණ වායු දුෂණය හේතුවෙන් මතුපිය ජලය දුෂණය විමේ හැකියාවක් පවතින බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
රවින්ද්රශ්රිලාල් ජිනේෂ් නානායක්කාර