ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා කඩාකප්පල් කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට තෙල් හා සම්බන්ධ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.