ඛනිජතෙල් විකිණීමට එරෙහිව සේවකයන් සේවයෙන් ඉවතට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීම නවතා දමන ලෙස ඉල්ලා අද (28දා) සවස සිට තෙල් සංස්ථා සේවකයන් සේවයෙන් ඉවත් වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය අවධාරණය කරයි.
මෙම ඉල්ලීම මුල්කර ගනිමින් ඊයේ (27දා) සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එම ක්‍රියාමාර්ගය නවතා දමා සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද එම සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව තෙල් සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතුවලින් පවා සේවකයන් ඉවත්ව සිටින බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට (29දා) දිනයේ තීරණයක් ගන්නා බවත් ඔහු පවසා සිටියේය.
තෙල් සංස්ථා සේවකයන්ගේ වැඩවර්ජනය නිසා අද (28දා) සවස සිට බවුසර් රථවලට ඉන්ධන නොලැබුණු බවද ඉන්ධන බවුසර් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
popular news
-
Milan Tuesday, 28 March 2023 05:24 PM
ඕකුන් ඔක්කොම පිං පඩි කාරයෝ. Area manager ගේ පඩිය 1million ට වැඩි. පොඩි එඋන් නන් පව්. මහඋන් ඔක්කොම එලියට දන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
