කෲඩියා සිලනිකා ඉවත් වුනේ කැබිනට් අනුමැතියෙන්
මහත් ආන්දෝලනයට තුඩු දුන් කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
"පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක් වත් අඩුම ගාණේ ඕනේ."
"අවාසනාවකට පඬු කරඳ ගහක් අරගෙන.. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා.. වෙනස් විදියේ සිතියකම් ඇන්ඳා.
මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා."
"මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපාතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් පෙන්වන්නම්."
"මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්."
මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදි ඊට බාධාවන අයුරින් මෙම ගස රෝපණය වී තිබිම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදි පසුගිය සමයේදි සමාජයේ දැඩි කතාබහක් ද නිර්මාණය විය.
popular news
-
Kumar Wednesday, 12 July 2023 02:28 AM
mayma maha margaya idikereemen lankawta labena setha apramanayi. parisara dushanaya aduwenawa. arthika athin indhan pavichiya aduwenawa. dakunu adhiweyga margayanisa matara sitta colombata gaman karanna yana kaalaya payathunakinma aduvuna. wahanayaka angima thula dawee apathey yana indhana ithiriwena. Americawe kiyanney "trip efficiency" kiyalyi. wiyapruthiya pramaada kirimen lankawata loku arthika paaduwak siduwenawa. Americawe sitina api maywanigas gana sithanney wena arkaryatayi. pasugiya sathi anthaye wasara dahasganank parana lokaye vishalatha gusabalanna giya. mayma gusay wayasa wasara 2200 bawayi sithanney.
Reply : 0 0
Dayan Wednesday, 12 July 2023 05:20 AM
Do not tell lies man. How come cabinet approve to remove the tree. It's not belongs to state. Cabinet is not above the law of the country as I understand.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

