කෝවිඩ් 19 වසංගතයෙන් ඉතාලියේ පූජකවරුන් 87ක් මියගිහින්
කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි පසුගිය පෙබරවරි 21 දා සිට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඉතාලියේ කතෝලික පදවි 7 ට අයත් පූජකවරුන් මෙලෙස මියගොස් ඇති බවත් ඔවුන්ගේ බහුතරය විශ්‍රාම සුවයෙන් සිටි පූජකවරුන් බව වාර්තා වේ.
මෙයින් බෙර්ගමො ප්‍රදේශයෙන් පූජකවරුන් වැඩිම පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර එය 25 දෙනෙකි.
පාර්මා ප්‍රදේශයේ පිහිටි මිෂනාරි පූජකයන් නවාතැන් ගෙන සිටි ස්ථානයක සිටි පූජකයන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් එය එක් ස්ථානයක මියගිය වැඩිම පූජකයන් පිරිස් ලෙසද වාර්තා වේ.
මිලාන් බෙර්ගමො බ්‍රේෂියා පර්මා ක්රෙමොනා පවියාලා ස්පෙසියා යන පදවි වලින් මෙලෙස පූජක මරණ වාර්තා වි ඇති අතර මියගිය සියලුම පූජකවරුන් වයස අවුරුදු 60 ට ඉහළ අය බවද වාර්තා වේ.
චන්දන ප්‍රනාන්දු

popular news
-
samson de silva Friday, 10 April 2020 08:21 AM
මේ කස්ටිය තමයි දෙවියන්ට යාඥ කරලා සාමාන්‍ය ජනතාව ලෙඩවලින් බේරන්න කියලා ඉල්ලන්නේ. දෙවියන් වහන්සේත් පුදුම පොරක් තමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

