කෝවිඩ් 19 නිසා හුබෙයි පළාතෙන් පිටත මරණ වාර්තා නෙවෙයි
බීජිං, මාර්තු 2 (ෂින්හුවා) - කෝවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 202ක් ඉරිදා දිනයේදී චීනයෙන් වාර්තා වී ඇති එදින වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 42කි.
මෙම මරණ 42කම හුබෙයි පළාතෙන් වාර්තා වී තිබේ.
වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින් 2,837 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර බරපතල රෝගීන්ගේ සංඛ්‍යාව 255 කින් අඩුව සම්පූර්ණ සංඛ්‍යාව 7,110 බවට පත්ව තිබේ.
ඉරිදා වන විට ප්‍රධාන භූමියේ සමස්ත රෝගීන් 80,026 ක් වාර්තා වී ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 32,652 කි.
සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 44,462 ක් වන අතර චීනයේ මරණ සංඛ්‍යාව 2,912 ක් බවට පත්ව තිබේ.
ඉරිදා අවසානය වන විට හොංකොං විශේෂ පරිපාලන කලාපයේ (SAR) මරණ දෙකක් ඇතුළුව තහවුරු වූ සිද්ධීන් 98 ක්, මැකාවෝ SAR හි තහවුරු වූ රෝගීන් 10 ක් සහ තායිවානයේ 40 ක් වාර්තා වී තිබේ.
හොංකොං හි රෝගීන් තිස් හය දෙනෙක්, මැකාවෝහි අට දෙනෙක් සහ තායිවානයේ 12 දෙනෙක් සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.
popular news
-
Kumar Friday, 06 March 2020 08:36 AM
ඔය කියන්නේ චීන නිල පුවතක් වෙන්න ඇති. මේ වසංගතය පටන්ගෙන මාස කිහිපයක්ම මේ කරුණ පිටට නොදී වසාගෙන සිටි චීනය විශ්වාස කරන්න පුලුවන්ද? එම රෝගයට ජීවිතය අහිමි වුන වෛද්‍යවරයා නොසිටින්න මේ වසංගත තවත් වැඩිවෙනවා. එතෙක් ඒ රෝගය සැදුන අය මුළු ලොව පුරාම ගමන් කරලා මේ රෝගය අනෙක් අයටත් දුන්නා. ඒ වෛද්‍යවරයාට පිං සිද්ද වෙන්න ජිවිත ගණනක් බේරුනා. ඒ පුවත් පිටට දුන්නට රජය දඬුවම් දුන්නලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

