කෝවිඩ් වලින් ඉතාලියේ වැඩිම හානියක් වු මිලාන් නගරය ජලයෙන් යටවෙයි
- 16 05 2020
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප්රමාණයක් වාර්තා වු ලොම්බර්දියා ප්රාන්තයේ මිලාන් නගරයට ඊයේ (15) රාත්රියේ ඇති වු දැඩි සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියක් සිදු විය.
මාර්ග රැසක් වර්ෂා ජලයෙන් යට වි ගමනාගමන කටයුතු ඇණ හිට තිබු අතර උමං මාර්ග වෙළඳ සැල් මෙන්ම නිවස රැසක් අඩි කීපයක් ජලයෙන් යට වි ගස් කොළන් වාහන මතට හා මාර්ගයන්ට කඩා වැටීම හේතුවෙන් විශාල හානියක් වි තිබුණි.
එමෙන්ම රාත්රිය පුරාවටම මිලාන් නගරයේ බොහෝ ප්රදේශවලට විදුලි බලයද ඇණ හිටිටීම නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව තිබිණ.
චන්දන ප්රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
