කෝවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා - පාඨලි
කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වසංගතයක් පැතිර යාමේ තත්ත්වයක් තුළ භාෂාමය, ආගමික වෙනස්කම් මෙන්ම, දේශපාලනමය වෙනස්කම්ද ප්රජාතන්ත්රවාදී රාමුවක පිළිගනිමින් කෝවිඩ් මර්දනය සඳහා මානව සමූහයා ලෙස ක්‍රියා කිරීම අපගේ ප්‍රතිපත්තිය විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
"කොවිඩ්-19 නිසා අපි අපගේ ජාතික, ආගමික හෝ දේශපාලනික වෙනස්කම්, ඇදහීම් අත්හැර දැමිය යුතු නැත. නමුත්, රෝගය මර්දනය කිරීමට නම් අප සැම ජීවත් වීමට නම්, අනාගතයේ බහු ඇදහිලි සහිත සමාජයක් පැවතීමට නම් අපි මානවයන් ලෙස විශේෂඥ ක්‍රමවේද අනුව ක්‍රියාකළ යුතුය. ඒ අතරේ හැකි සෑම විටම සමූහයාගේ හා පුද්ගලයාගේ භාෂාව, ආගම, සංස්කෘතිය හා දේශපාලන චින්තනයටද ගරු කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. කොවිඩ් මර්දනය කරලීමට භාෂාව, ආගම පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයද අවශ්‍ය නැතැයි ලෙස වූ මතයක් පැතිර යමින් පවතී.
කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව අප අමතක කළ යුතු නැත. භාෂාමය, ආගමික වෙනස්කම් මෙන්ම, දේශපාලනමය වෙනස්කම්ද ප්රජාතන්ත්රවාදී රාමුවක පිළිගනිමින් කොවිඩ් මර්දනය සඳහා මානව සමූහයා ලෙස ක්‍රියා කිරීම අපගේ ප්‍රතිපත්තිය විය යුතුය." යනුවෙන් ද ප්‍රකාශ කළේය.

popular news
-
ලලිත් Friday, 10 April 2020 10:08 AM
මෙකා මොන්වද මෙ කියන්නෙත් මෙහි වගකිම තියෙන්නේ රටෙ නායකයට එ දෙ හොදින් කරනවනෙ
Reply : 0 1
prabuddha Friday, 10 April 2020 04:27 PM
බෝතල් ග්රීවය ( බෝට්ල් නෙක් ) නමැති නිර්මල න්‍යාය පරිකල්පනය ට ජයවේවා!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

